Print

මහානාමයේ යසිරු ලකුණු 04 ට කඩුලු 8 ක්‌ දවා ගනියි

දිවයින

yasiru mc cricketඅන්තර් පාසල් වයස අවු. 13 න් පහළ පළමු කොටස ක්‍රිකට්‌ තරගාවලිය යටතේ ලකුණු 04 ක්‌ තුළ කඩුලු 8 ක්‌ දවා ගනිමින් වාර්තාගත පන්දු යෑවීමක නිරත වීමට කොළඹ මහානාම විදුහල් දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක යසිරු කස්‌තුරිආරච්චි සමත්වී තිබේ.

සීතාවක මහ විදුහලට එරෙහිව පැවැති තරගයකදී යසිරු අදාළ සුවිශේෂී පන්දු යෑවීම වාර්තා කරන ලද අතර එම දක්‍ෂතාව හේතුවෙන් මහානාම විදුහලට ලකුණු 170 ක දැවැන්ත ජයක්‌ද අත්වීය.

අදාළ වයස්‌ කාණ්‌ඩයේ හොඳම පන්දු යෑවීම වශයෙන් යසිරුගේ දක්‍ෂතාව සටහන්වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවද සඳහන් මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සීතාවක මහ විදුහල් පිල ලකුණු 15 කට සීමාවිය. මෙයද අදාළ වයස්‌ කාණ්‌ඩයේ පාසලක්‌ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වශයෙන් වාර්තාවනු ඇතැයි සඳහන් වේ.

ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ලද මහානාම විදුහල කඩුලු 3 කට ලකුණු 185 ක්‌ රැස්‌ කළ අතර එහිදී සසිත ගිහාන් වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 92 ක්‌ද පවන් ෂෙනාල් ලකුණු 56 ක්‌ද වශයෙන් අර්ධ ශතක වාර්තා කළහ.

ලකුණු සාරාංශය - සීතාවක මහ විදුහල සියලුදෙනා දැවී ලකුණු 15 යි(යසිරුකස්‌තුරිආරච්චි 04/8, අයෝද්‍ය අදීෂ 09/2)

මහානාම විදුහල කඩුලු 3 ට ලකුණු 185 යි(සසිත ගිහාන් 92, පවන් ෂෙනාල් 56)

 {flike id=195}

{fcomment id=195}